නිරෝධායන නීති, සෞක්‍ය උපදෙස් රකිමින් තෛපොංගල් සමරන්න

හෙටට යෙදෙන තෛපොංගල් උත්සවය ද පවුලේ අයට පමණක් සීමා කරගනිමින් සෞඛ්‍ය උපදෙස්වලට ගරුකරමින් සමරන්නැයි හින්දු බැතිමතුගෙන් පොලීසිය ඉල්ලයි.

හුදෙකලා බවින් නිදහස් කළ කොළඹ ඇතැම් ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීති අනුගමනය නොකරන බව සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සිදු කළ නිරීක්ෂණවලදී සිදුවී ඇති බවත් සෞඛ්‍ය උපදෙස් කඩකළහොත් එම ප්‍රදේශ නැවත හුදෙකලා කිරීමට සිදු වන බවයි පොලීසිය අවධාරණය කර ඇත.

බස්නාහිර පළාතේ මුහුණු ආවරණ පැළද නොසිටි 2471 දෙනෙකුට සිදු කළ රැපිඩ් පරික්ෂණවලින් ආසාදිතයින් 47 දෙනෙකු සහ සමීප ආශ්‍රිතයින් 400 ක් හඳුනාගෙන ඇති අතර බස්නාහිරින් පිටතට යන ස්ථාන 11 කදී අද සිට යළිත් වරක් අහඹු රැපිඩ් පරික්ෂණ සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.