මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
සැකකාර අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළ අභියාචනාධිකරණය සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කරන ලෙස ද නියෝග කෙරිණි.
ඉකුත් ජනවාරි මස කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කිරීම තුළින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත්කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර කළේය.