ඉන්දික ශ්‍රී අරවින්ද
කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීම සඳහා කිසිදු එන්නතක් මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ කොවිඩ් -19 මර්දනය සඳහා රටවල් කිහිපයකම එන්නත් නිෂ්පාදන කිහිපයක් මේ අවස්ථාවේදී නිකුත් කර ඇති අතර ඒ කිසිවක් මෙරටට ගෙන්වා ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශයට වෙත තොරතුරු ලැබී නොමැති බවයි.
කොරෝනා වෛරසය මර්දන එන්නත් කොටසක් මුදල් ගෙවා මිළදී ගෙන මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් මාධ්‍යට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමේදී වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව පැවසිය.
රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාවේ නිෂ්පාදිත මෙම එන්නත රටේ කිහිප දෙනෙකුම එන්නත් කරගෙන ඇති බවත් එයින් පිරිසකට අතුරු අබාධ පවාඑල්ල වී ඇති බවයි.
මෙම එන්නත සොයාගත් ඇමරිකාව පවා පවසා ඇත්තේ එම එන්නත සාර්ථක නොමැති බවත් රජයක් ලෙස ඒ පිළිබඳව අවධානය යොමු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.
ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.