අමෙරිකාවේ දෛනික කොවිඩ් මරණ 4000 ඉක්මවයි

අමෙරිකාවේ සිදුවී ඇති දෛනික කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය දින කිහිපය තුළම අමෙරිකාවේ සිදුවූ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවේ ඉහළ අගයක් පෙන්නුම් කළ අතර ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිතයින් 4085 දෙනෙකු මියගොස් ඇති බව එම විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව අමෙරිකාවේ මේ දක්වා සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 389,425කි. ඉන් වැඩි සංඛ්‍යාවක් නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 40,016කි. මීට අමතරව ටෙක්සාස් ප්‍රාන්තයෙන් මරණ 31,098 ක් සහ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් මරණ 31,001ක් වන අතර නව ආසාදිතයින් 212,404 දෙනෙකු හඳුනා ගෙන ඇත.

අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි තිස්තුන් ලක්ෂ 58,508 ක් බව ද විදෙස් වාර්තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.