පුද්ගලයින් 66,000ක පිරිසක් මෙරටට පැමිණීමට ලියාපදිංචි වෙයි

මුදල් ගෙවා සහ මුදල් නොගෙවා පුද්ගලයින් 66,000ක පිරිසක් මෙරටට පැමිණීමට ලියාපදිංචි වී ඇත. දෛනිකව මෙරටට රැගෙන එන විදෙස්ගත ශ්‍රමිකයින් ඉහළ යෑමත් සමග ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල දාරිතාව ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75 ක් මෙරට තුළ ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටිය හැකි දාරිතාව 3000 සිට 6000 දක්වා ඉහල නංවා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිටත් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල 6267 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල සිටින ශ්‍රමිකයින් අද (13) දිනයේ සිට දිනපතා රැගෙන ඒමට සැලසුම් කර තිබේ. රජයේ නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ වන 300 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස දිවයිනට දිනපතා පැමිණෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.