අශන්ති වරුනසුරිය
අඟහරු ඇතුළු වෙනත් ග්‍රහලෝකයන්හී පුරාණ ජීවයේ සාක්ෂි සොයා යාම සඳහා කෘතීම බුද්ධිය උපකාර කරගත හැකි අයුරින් එය වැඩිදියුණු කිරීමට නාසා ආයතනය සමත්ව තිබේ.
ඒ අනුව 2022 / 2023 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අඟහරු ගවේෂණ අභ්‍යවකාශ වැඩසටහන සඳහා යොදා ගැනීමට නියමිතය. ” ExoMars” රෝවරයට ඉතිහාසයේ පළමු වතාවට මෙම කෘතීම බුද්ධිය ඇතුළත් නව සංඥා පද්ධතිය සවි කිරීමට නියමිත බව වාර්තා වේ.
අඟහරු ග්‍රහයාගේ තිබෙන පුරාණ ජීවීන්ගේ තොරතුරු ඇතුළු එහි තිබෙන දේ සම්බන්ධයෙන් වන තොරතුරු විශ්ලේෂණය කොට එය පෘථිවියට ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම රෝවරයේ සවිකොට ඇති මෙම කෘතීම බුද්ධිය හරහා සිදුකිරිමට නියමිතයි.
මෙම පද්ධතිය අඟහරු ග්‍රහයාගේ මත අත්හදා බැලීම සිදුකළත් ඉදිරියේදී එය බොහෝ දුරින් පිහිටි බ්‍රහස්පති, ජුපිටර් වැනි ග්‍රහයන් සහ එහි උප ග්රහයින්ගේ තොරතුරු සොයා යෑමේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැළසුම් කර ඇත.