කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කල පී.සී.ආර් පරීක්ෂණාගාරය තුළින් දිනකට වාර දෙකක් තුළ පරීක්ෂණ දෙසීයක් සිදු කර ගැනීමේ හැකියාව ලැබී ඇති බව ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.
මෙම රෝහලේ පරීක්ෂණ කටයුතු 12 අද දින සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
මේ වන තෙක් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් හා මුල්ලේරියාව රෝහලෙන් සිදු කර ගෙන තිබෙන අතර අද දින සිට පැය පහක් වැනි කාලයක් තුළදී මෙම පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට හැකි වනු ඇත.
එමගින් රෝහලේ දෛනිකව සිදු කරන හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම කඩිනමින් සිදු කිරීමට හැකි බව ජාතික රෝහලේ අධ්යක්ෂවරයා අවධාරණය කරයි.
එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමට අවශ්‍ය රසායනාගාර උපකරණ සඳහා රුපියල් මිලියන 13 ක ආධාර තිස්ස ද සිල්වා පදනමෙන් සහ රුපියල් ලක්ෂ 50 ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය හේමාස් ආයතනය මගින් ලබා දී ඇත.