ඉන්දික ශ්රී අරවින්ද
බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවම හේතුවෙන් මන්ත්රීධූරය අහිමි වන රංජන් රාමනායක මහතා වෙනුවට සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිත බව වාර්තාවේ.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා Colombo Gazette වෙත ප්රකාශ කළේ එම මන්ත්රී ධුරය සඳහා කිසිවෙකුත් නම් නොකෙරෙන අතර පසුගිය මැතිවරණයේ ගම්පහ දිස්ත්රික්කය නියෝජනය කරමින් තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතා පත් වෙන බවයි.
මැතිවරණ පණත අනුව එම මන්ත්රී ධුරයේ මාන්නප්පෙරුම මහතා ඉදිරි දින කිහිපය තුළදී දිවුරුම් දීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසිය.
අජිත් මාන්නප්පෙරුම මහතා පසුගිය මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 47,212ක් ලබාගත්තේය. ගම්පහ දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරයා විසින් මැතිවරණ කොමිසම වෙත ඔහුගේ නම ඉදිරිපත් කිරීමෙන් පසු කොමිසම විසින් එය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කිරීමෙන් පසුව මෙම පුරප්පාඩුව පිරවෙනු ඇත.