ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන් පත් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්තුවකට එළැඹීමට පෙර 2014 වසරේ සිට 2019 වසර දක්වා වූ කාල සීමාවේදී ග්‍රාන්ට් ලූඩන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳව මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.
2008 සහ 2013 කාල සීමාවේදී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ පුහුණුකරු ලෙසින් ද ජාත්‍යන්තර අත්දැකීම්වලට අමතරව ලූඩන් දකුණු අප්‍රිකානු පළමු පෙළ කි‍්‍රකට් තරගාවලිය නියෝජනය කරනු ලබන නෂුවා ටයිටෑන්ස් සහ බී.පී.එල්. ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ඩකා ග්ලැඩියේටර් කණ්ඩායමේ ද ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
දකුණු අපි‍්‍රකානු තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් රැසක් ආබාධවලට ලක් වූ අතර එම තත්වයන් මගහරවා ගැනීම සදහා දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන්ගේ අත්දැකීම් ලබා ගැනීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන ඇත.
ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ලූඩන්ට ජාතික තලයේ පසුවන ක්‍රිඩකයින්ගේ ශක්තීන් වර්ධනය කිරීමේ වගකීම පැවරෙනු ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින සමස්ථ කණ්ඩායම් සියල්ලෙහි ශාරීරික යෝග්‍යතා කාර්යය සාධනය භාරව ද ඔහු කටයුතු කිරීමට නියමිතය.