රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (12) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ සතියකට පැය 40ක් වැඩ කිරීමට අවශ්‍ය නම්, සමහර දාට කලින් යන්න පුළුවන්. සමහර දාට පරක්කුවෙලා යන්න පුළුවන්. පැය 40 සම්පූර්ණ කිරීමයි අවශ්‍ය වෙන්නේ. හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තියෙනවා”. යනුවෙනි.