පෙර පාසලෙන් පටන් ගත යුතු බව මධ්‍යම ආණ්ඩුකාරවරයා පවසයි

කොවිඩ් වසංගත තත්වය යටතේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාගැනීම සදහා අත් සේදුම් උපකරණ ( Kids Paddle Sinks) මධ්‍යම පළාතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලබා දීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.

රු. 2,882,175.00 ක ප්‍රතිපාදන මුදලක් යටතේ මෙම උපකරණ බෙදා දීම සිදු වු අතර පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන , යුනිසෙෆ් සංවිධානය, සේව්ද චිල්ඩ්රන්හි තැන්පතු, ටී – ෆීල්ඩ් ළමා සංවර්ධන සම්මේලනයේ තැන්පතු, වර්ල්ඩ් විෂන් සංවිධානයේ තැත්පතු වල එකතුවෙන් මෙම ප්‍රතිපාදන මුදල සකස් වී ඇත.

උපකරණ බෙදා දීමේ අවස්ථාවේදී පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ හෙට ලොව භාරගැනීමට සිටින මෙම දරුවන් කුමන තත්ත්වයක් යටතේ හෝ ආරක්ෂා කර ගනිමින් රැක බලා ගැනීම මුළු මහත් සමාජයේම වගකීමක් වන බවයි.රටට ජාතියට ආදරේ කරන අනාගත පරපුරක් බිහිකිරීම සදහා පෙර පාසල් කාලයේ සිට දරුවන්ගේ මනස යහපත් ආකල්ප වලින් පෝෂණය කිරීම වැදගත් වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමීණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක, මධ්‍යම පළාත් මුල් ළමා විය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක යන මහත්වරුන් ද එක්ව සිටියේය.

මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල ආවරණය වන පරිදි අත්සේදුම් උපකරණ 221 ක් මෙම වැඩසටහනේ යටතේ ලබාදීමට නියමිතව පවතින අතර, සමාරම්භක අවස්ථාවේදී සංකේතාත්මක ලෙස ආයතන 10ක් සදහා අත් සේදුම් උපකරණ ලබාදීම සිදුවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.