ගත වු සතියක පමණ කාලය තුළ බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලඳි පුද්ගලයින් 2,334 දෙනෙකු පොලිසිය විසින් පී.සි.ආර්.සහ රැපිඩ් පරීක්ෂණ සඳහා යොමුකර ඇත.
ඊයේ (11) දිනය තුළ ද පුද්ගලයින් 121 එම පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර ඒ අනුව එම පරීක්ෂණවලින් මේ දක්වා ලැබී ඇති ප්රතිඵල මත පුද්ගලයින් 46 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.
එම ආසාදතයින්ගේ සමීප ආශ්රිබතයින් මේ වන විට නිරෝධායනය සිදුකර ඇත. මේ අතර ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 2,438 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.