කි‍්‍රකට් ලොව සුපිරිතම කී‍්‍රඩකයෙකු වන ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි සහ ජනපි‍්‍රය බොලිවුඞ් නිළි අනුෂ්කා ශර්මා මේ වන විට මව් පිය පදවියෙන් පිදුම් ලබා ඇත. ඒ අනුව ඇය දියණියකට උපත දුන් බව නිල ප්‍රකාශයක් සිදුකරමින් විරාත් කෝලි අද පවසා තිබේ.
2017 වසරේ විවාහ දිවියට එළඹෙන කෝලි, අනුෂ්කා යුවළ තමන්ට දරුවෙකු ලැබීමට සිටින බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කලේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ය.
ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට නායකත්වය දෙමින් ඔහු ඉකුත් දා ඔස්ටේ්රලියාවේ තරග සංචාරයට එක්වූ අතර තවත් තරග 02 ක් ඉතිරිව තිබියදී පළමු තරගයෙන් පසු කෝලි පෙරළා ඉන්දියාවට පැමිණ තිබුණේ සිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය වෙනුවෙනි.