සිනමා කර්මාන්තයේ විනෝද බද්ද වසර 2කට නිදහස්

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා දෙවසරක කාලයකට සහන ලබාදෙන්නැයි සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවක් අනුව සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලබා දී ඇත.

2021-2022 දෙවසරක කාලයට සිනමා කර්මාන්තය මුළු දිවයිනටම බලපාන පරිදි විනෝද බද්දෙන් නිදහස් වේ. 2023 වසරේ සිට සිනමා කර්මාන්තයට අදාළ විනෝද බද්ද සියයට 7.5ක් දක්වා අඩු කිරීමට ද එහිදී අනුමැතිය දී තිබේ.

මේ දක්වා සියයට 5 සිට සියයට 25 දක්වා විවිධ ප්‍රතිශත යටතේ රට පුරා පළාත් පාලන ආයතන විසින් විනෝද බද්ද අය කරනු ලැබීය. එම නව අනුමැතිය සමඟ මුළු රටටම එක් විනෝද බද්දක් හඳුන්වාදීම ද සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.