ට්‍රම්ප්ගෙ සම්බාධකවලට එරෙහිව චීනයෙන් නව නීති

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැන වූ සම්බාධකවලට එරෙහිව නව නීති මාලාවක් සම්මත කර ගැනීමට චීනය කටයුතු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකා සම්බාධකවලට අනුකූලතාව දක්වන සමාගම්වලට දඩුවම් පැමිණවීමට මෙම නීතිය යටතේ ඉඩ සැලසේ. ඒ අනුව අධිකරණ බලයද ඒ සදහා හිමිවන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය පාදක කරගත් ප්‍රධාන පෙළේ ජංගම දුරකතන යෙදවුම් අටක් පමණ තහනම් කිරීමටද නීතියක් සැකසීය. ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ මෙම යෙදවුම මගින් ලබා ගන්නා තොරතුරු චීන රජය සිය උයාමාර්ගික අවශ්‍යතා සදහා භාවිත කරන බවය.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන චීන රජය ඇමෙරිකා ප්‍රතිපත්තිය සමග එකග වන සියලු සමාගම්වලට එරෙහිව නීතියෙන් කටයුතු කරන බව නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.