ඉන්දියාවේ පැතිරෙන කුරුළු උණ රෝගය ව්‍යාප්ත වෙයි

ඉන්දියාවේ ප්‍රාන්ත නවයක් පුරා මේ වන විට කුරුළු උණ රෝගය ව්‍යාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

දිල්ලි, මහාරාෂ්ට්‍ර, උත්තර ප්‍රදේශ්, කේරළ, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, හිමාචල් ප්‍රදේශ්, හර්යානා සහ ගුජරාට් යන ප්‍රාන්තවලයි කුරුළු උණ රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත.

වැඩිම කුරුළු මරණ සංඛ්‍යාවක් හර්යානා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව ලක්ෂ හතරකට අධිකය. ජම්මු කාශ්මීර ප්‍රාන්තද රෝගී තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් කර ඇති බව එරට බලධාරීන් පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ අද විශේෂ විවාදයක්ද පැවැත්වෙනවා. කුරුළු උණ රෝගයේ ව්‍යාප්තියත් සමඟම කුරුළු ගොවිපොළ හිමිකරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.