මාස 3කට පසු දෙමටගොඩ දුම්රියපොළ වැඩ

දෙමටගොඩ දුම්රිය ස්ථානය අද විවෘත කෙරුණේ මාස 03 කට පසුවය. ඒ ග්‍රෑන්ඩ්පාස් , මාලිගාවත්ත හා දෙමටගොඩ යන පොලිස් බල ප්‍රදේශ අද උදෑසන 05.00 ට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් වීමත් සමඟිනි. එමෙන්ම තාවකාලිකව අවලංගු කරන ලද දුම්රිය නැවත ධාවනය සඳහා එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

තවදුරටත් කාත්තන්කුඩි පොලිස් වසමේ හුදෙකලා තත්ත්වය එළෙසම පවතී. නිරෝධායන හුදෙකලා කිරීම් සිදු කර ඇති ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීතීන්ට යටත්ව කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දුම්රිය ධාවනය තාවකාලිකව නැවතා දැමු අතර හෙට (12) සිට ධාවනයට එක්කර ඇති බවය.

ඒ අනුව ධාවනයට එක්වන දුම්රිය,

ප්‍රධාන මාර්ගයේ

1133 – කොළඹ කොටුව සිට මීරිගම
1140 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1146 – කොළඹ කොටුව සිට මීරිගම
1147 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1144 – කොළඹ කොටුව සිට රඹුක්කන
1149 – කොළඹ කොටුව සිට අඹේපුස්ස
1154 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1158 – කොළඹ කොටුව සිට අඹේපුස්ස
1163 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1196 – කොළඹ කොටුව සිට මීරිගම

1547 – මීරිගම සිට කොළඹ කොටුව
1539 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1546 – මීරිගම සිට කොළඹ කොටුව
1553 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1566 – රඹුක්කන සිට කොළඹ කොටුව
1573 – අඹේපුස්ස සිට කොළඹ කොටුව
1574 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1575 – අඹේපුස්ස සිට කොළඹ කොටුව
1577 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1570 – මීරිගම සිට කොළඹ කොටුව

මුහුදු බඩ මාර්ගයේ

8744 – මරදාන සිට දකුණු කළුතර
8748 -මරදාන සිට පානදුර
8751 -මරදාන සිට අළුත්ගම
8782 – මරදාන සිට දකුණු පයාගල
8086 – කොළඹ කොටුව සිට මාතර
8050 – මරදාන සිට බෙලිඅත්ත
8352 – දකුණු කළුතර සිට මරදාන
8355 – පානදුර සිට මරදාන
8373 – අළුත්ගම සිට මරදාන
8390 -දකුණු පයාගල සිට මරදාන
8085 – මාතර සිට කොළඹ කොටුව
8051 – බෙලිඅත්ත සිට මරදාන

කැලණිවැලි මාර්ගය

9260 – කොළඹ කොටුව සිට පාදුක්ක
9661 – පාදුක්ක සිට කොළඹ කොටුව

උතුරු මාර්ගය

4085 – කොළඹ කොටුව සිට වව්නියාව
4086 – වව්නියාව සිට කොළඹ කොටුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.