අමෙරිකා රජයට එරෙහිව ප්රචණ්ඩත්වයක් ඇතිකිරීම සම්බන්ධයෙන්,ජනාධිපති ට්‍රම්ප්ට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්රටික් පාක්ෂිකයන් මෙම දෝශාභියෝගය අද ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනතාව වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල ප්‍රචණ්ඩකාරී ලෙස අත්පත් කර ගැනීමට තැත් කිරීම මෙම දෝශාභියෝගයට හේතුව වී තිබේ. එසේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසුරුණු පුද්ගලයන් දැනට බලයේ සිටින ජනාධිපති ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් මෙන්ම, ට්‍රම්ප් විසින් දිරිගැන්වීමට ලක් කෙරුණු පුද්ගලයන් ලෙස ඩිමොක්රටික් පාක්ෂිකයන් චෝදනා කරයි.
සිද්ධියෙන් 4 දෙනෙක්ගේ ජීවිත අහිමි වූ අතර දේපළ හානි වැනි සිදුවීම් හේතුවෙන් ට්‍රම්ප්ගේ භූමිකාව මෙලෙස දෝශාභියෝගයට ලක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.