පිල්ලයාන්ට එරෙහි මිනීමැරුම් නඩුව ඉවතට

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව අධිකරණයට අද දැනුම් දී ඇත.

2005 නත්තල් දින දේවමෙහෙයට එක්වී සිටියදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයෙදී වෙඩික්කරුවෙක් විසින් පරරාජසිංහම් මහතාව ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සහ තවත් පස් දෙනෙක් ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඉන් පස් දෙනෙක් අද අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පිළිබඳ ව ලබන බදාදා තම තීරණය ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා දැන්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.