පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව කියාසිටියේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් පස් දෙනෙකුට කොවිඩ් හා ආසාදනය වී තිබෙන බව එම නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගණනාවකට ඉකුත් දිනවල කොවිඩ් ආසාදනය වීම නිසා මෙම විමර්ශනයට අදාළව බාහිර පුද්ගලයින් ගෙන්වා ප්‍රශ්න කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුවී නැත. එම නිසා එම නිලධාරියා මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන මේ වනවිට යළි ආරම්භ කර තිබෙන බව අධිකරණයට දැනුම් දී ඇත.
සිද්ධියට අදාළව පොලිසිය භාරයට ගත් වාහන 10 ක් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇත.