පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා සහ පවුලේ සියලුදෙනා පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුව තිබේ.
එහි ප්රතිඵලය අනුව මන්ත්රීවරයාට හෝ පවුලේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.
කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති, පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් මහතා 2021.01.05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනා ගැනීමෙන් පසුව මන්ත්රීවරයා ස්වෙච්ජාවෙන් පීසීආර් පරීක්ෂණයකට යොමුව ඇත.