චීනය විසින් හොංකොං ස්වයංපාලන ප්‍රදේශයේ නීති පද්ධතිය වෙනස් කිරීමට සුදානම් වන බවටත් ඒ හරහා හොංකොංහි අනාගතය අස්ථාවරවීමේ අවදානමක් මතුව ඇති බවටත් එරට ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරී සංවිධාන අනතුරැ අඟවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
හොංකොං චීනයේ කොටසක් ලෙස සැලකුණත් එහි පවතින්නේ වෙනම ආර්ථික, පරිපාලන සහ අධිකරණ ව්‍යුහයකි.
කෙසේවෙතත් මේ වන විට රැස්වීම,මාධ්‍ය මෙන්ම අධිකරණය සතු නිදහස අහිමි කෙරෙන නීති ප්‍රතිසංස්කරණයට බලධාරීන් සැරසෙන බව එම සංවිධාන නියෝජිතයන් උපුටා දක්වමින් සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත.
එය ලෝකයේ ස්වාධීන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස හොංකොං දේශය සතුව පවතින කීර්තිය සහ වැදගත්කම අහිමි කෙරෙන තත්වයක් බවද අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන අතර මේ අතර විශ්‍රාම යෑමට නියමිත වත්මන් හොංකොං අගවිනිසුරුවරැ ජෙෆ්රි මා තාඕ ලී ද පසුගියදා මෙම නීතිය වෙනස්වීමේ සුදානම පිළිබද සිය කණස්සල්ල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.