අශන්ති වරුනසුරිය
අද සිට සුපිරි වෙළඳසැල්, ව්‍යාපාරික ස්ථාන හා කාර්යාල විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් ද මෙම සතියේදී වැඩි අවදානයක් යොමු කරන බවය.
අවදානම් සහිත ස්ථානවල තවදුරටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.
බස්නාහිර පළාත තුළ මෙන්ම ඉන් පිටතද මෙම පරීක්ෂණ දිගටම සිදු කෙරෙන අතර ගතවූ පැය 24 තුළ අලූතින් ආසාදිතයින් 540 දෙනෙකු ද හඳුනා ගෙන ඇත.
මේ අතර අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසංහ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔහුට අමතරව තානාපති අතර කාර්යාලයේ තවත් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත. ඔවුන් සියලූදෙනා නිවෙස්වල නිරෝධායනයට ලක් කරමින් තත්ත්වය මත තාවකාලිකව වසා දැමුණු අමෙරිකාවේ වොෂිංටන්හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය අද විවෘත කිරීමට නියමිතය.