අද සිට සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව විශේෂ මෙහෙයුමක් බස්නාහිර පළාත තුළ සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2020 ඔක්තොම්බර් 15 වන දින ගැසට් පත්‍රයේ විශේෂ කාරණාවක් ලෙස තමන් ආයතන පවත්වා ගෙන යා යුතු ආකාරය සදහන් වන බවත් කර්මාන්ත ශාලා, සුපිරි වෙළෙඳසැල් ඒ වගේම කාර්යාල මේ ආයතන පවත්වාගෙන යාමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව එහි සදහන් වන බව ඔහු පවසයි.
ඒ අනුව ප්‍රථමයෙන් අත්සෝදන ස්ථානයක් පිළියෙල කර තිබිය යුතු අතර ඇතුළු වන අයගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම නාම ලේඛනයක් පවත්වගෙන යා යුතුය. ඇතුළත දුරස්ථභාවය රැකෙන අයුරින් කටයුතු කළ යුතුය. දිනකට කිහිප වතාවක් නිරන්තරයෙන් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතුය. විශේෂයෙන්ම කළමණාකරුවන් සහ අයිතිකරුවන් පරිපාලකයින් විසින් එසේ කටයුතු නොකරන්නේ නම් එය නිරෝධායන රීතින් යටතේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද දිනයේ කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කර ඇති බැවින් ජනතාව වැඩි වශයෙන් නගරයට පිවිසිය හැකි බව ද එවැනි තත්ත්වයක් තුළ සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානයක් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.