ඉකුත් ද කඩාදැමුණු යාපනය විශ්වවිද්‍යාලයේ මුල්ලිවයික්කාල් ස්මාරකය යළි ඉදිකිරිම සඳහා මුල්ගල තබා ඇත.
යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්ගුණරාසා මහතා විසින් අද (11) පෙරවරුවේ මුල්ගල තබා ඇත. විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් කඩා දැමුණු ස්මාරකය සම්බන්ධයෙන් සිය විරෝධය දැක්වූ අතර විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කල අතර අද අලුයම 3.00ට පමණ උපවාසයේ නිරතව සිටි පිරිසට උපකුලපතිවරයා කැඳ ලබාදී එම උපවසයද මේ වන විට අවසන් කර තිබේ.
ශිෂ්‍යයන් ස්ථාපිත කර තිබූ සැමරුම් ස්මාරයක් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අද (11) උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ද දියත් කර තිබිණි.