අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයෙකු බීමත්ව රිය පදවා අනතුරක් සිදු කරයි

නවගමුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ලේකම්වරයකු නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

නවගමුව පොලිසිය පැවසුවේ එම අනතුර සිදුවන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා අධික ලෙස බිමත්ව සිට ඇති බවයි.

බිමත්ව රිය පදවා යතුරු පැදියක් යටකොට දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ලේකම්වරයාට චෝදනා එල්ල වී ඇති අතර ඊයේ (10) දිනයේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (11) දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කරන ලෙසට නියෝග කර ඇත.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා තම මෝටර් රථයෙන් නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව නවගමුව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.