අශන්ති වරුනසුරිය
පුත්තලම කල්පිටිය ප්රදේශයෙන් ලැබෙන සාර්ථක ගෝවා අස්වැන්නට සාධාරණ මිලක් නොලැබෙන බවට ගොවීන් චෝදනා කරති.
මෙවර ගෝවා වගාව කල්පිටිය අර්ධද්වීපය පුරා සාර්ථකව සිදු විය. ගොවි පවුල් විශාල පිරිසකගේ දායකත්වයෙන් මෙලෙස සාර්ථක අස්වැන්නක් ගැනීමට හැකි වුවත් එම අස්වැන්න අලෙවි කර ගැනීමට නිසි ක්රමවේදයක් හා ඊට නිසි මිලක් ලබා නොදීම නිසා ගොවින් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටිති.
ඒ අනුව මේ වන විට ගෝවා කිලෝග්රෑමයක මිලදී ගනු ලබන මිල වන්නේ රුපියල් 10කි. සමහර විට රුපියල් 10ටද ලබා දීමට පවා අසීරු තත්වයක් ඇතිවී ඇති බවද ගොවින් පවසති.
ඒ අනුව ගෝවා කිලෝග්රෑමයක් රුපියල් අටත් දහයත් වැනි මුදලකට වෙළෙන්දන් මිලදී ගන්නා බව එම ගොවින් පවසති. මේ නිසා රජය මැදිහත් වී නිසි වෙළෙදපොලක් සකසා දෙන ලෙසයි එම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.