අශන්ති වරුනසුරිය
බන්ධනාගාර බුද්ධි අංශ ශක්තිමත් කිරීමට මහර බන්ධනාගාර සිද්ධිය ගැන සොයා බලන පංච පුද්ගල කමිටුව නිර්දේශ කර ඇත. එමෙන්ම එම කමිටුව විසින් බන්ධනාගාර ශක්තිමත් කිරීමට නිර්දේශ රැසක් ඉරිදිපත් කර ඇත.
එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට නිසි අවි පුහුණුවක් ලබා දීම මෙන්ම හමුදා නිලධාරීන් විශ්‍රාම ගිය පසු බන්ධනාගාර සේවයට බඳවා ගැනීමට ද එම කමිටුව නිර්දේශ කර ඇත.
බන්ධනාගාර රැඳවූවන්ට ආහාර ලබා ගැනීම සඳහා කාඩ් පතක් හඳුන්වාදීමට මහර බන්ධනාගාර සිද්ධිය ගැන සොයා බලන පංච පුද්ගල කමිටුව නිර්දේශ කර ඇත. එමඟින් මත්ද්‍රව්‍ය ඇතුලු තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ගෙන ඒම පාලනය කිරීමට ඉඩ ලැබෙන බවත් මහර බන්ධනාගාර සිද්ධිය ගැන සොයා බලන පංච පුද්ගල කමිටුවේ ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසයි.
රැඳවුවන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන කාඩ් පත් වෙත මුදල් ගෙවීම සිදුකළ යුත්තේ ඔවුන්ගේ ඥාතීන් විසිනි. අධිකරණ අමාත්‍යවරයා පත් කළ පංච පුද්ගල කමිටුව මසක කාලයක් තුළ වාර්තාවක් ලබා දීමට කටයුතු කල අතර රැඳවූවන් 200 දෙනෙකුගෙන් පමණ තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.