ශ්‍රි.ල.ක්‍රිකට් කණ්ඩායම මත්තලින් දිවයිනට

දකුණු අප්‍රිකානු සංචාරය නිමා කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගම පවසයි.

ඔවුන් මෙලෙස පසුගියද (08) පස්වරුවේ රාත්‍රී 8.30ට පමණ මත්තල ගුවන් තොටුපලට පැමිණ ඇත. ඔවුන් ගුවන්තොටුපල පරිශ්‍රය තුලදීම පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ඉදිරියේ දි ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සදහා ගාල්ල බලා පිටත් වී ඇත.

කෙසේ වෙතත් පසුගිය තරග පරාජයත් සමග කණ්ඩායම තුල ඇති වූ මානසික බිද වැටීම සමනය කර ඉදිරි තරග සදහා මුහුණදීමට සූදානම් බව ද නායක දිමුත් කරුනාරත්න මාධ්‍ය ඉදිරියේ අදහස් පල කරමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.