නැගෙනහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් හැර සෙසු සියලු පාසල් හෙට (11) ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසල් 25ක්, කල්මුණේ ප්‍රදේශයේ පාසල් 5ක්, තිරුක්කෝවිල් ප්‍රදේශයේ එක් පාසලක් සහ අම්පාර කලාපයේ එක් පාසලක් එසේ තවදුරටත් වසා තැබෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසීය.
ආණ්ඩුකාරවරිය සමග පළාත් අධ්‍යාපන අධ්යක්ෂ සහ පළාත් සෞඛ්‍ය අධ්යක්ෂවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ගෙන තිබේ.