කොවිඩ් නයින්ටින් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු CCTV දර්ශන යොදා ගනිමින් හඳුනාගෙන ගෙන ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.
මෙම මන්ත්‍රීවරුන් PCR පරීක්ෂණ වලට ලක්වන ලෙසත් පසුව නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල යන අය රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ පාර්ලිමේන්තුව තුළ සමීපව සිට ඇති බව වාර්තා වේ.
තවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් දෙදෙනා ද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ සමීපව කතාබහක නිරත වී ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති අතර ඔවුන් ඉදිරියේ දී පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බව ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ද කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් රටේ කොවිඞ් වසංගත තත්ත්වයේ අවදානම පිළිබඳ සියලූ දෙනාට පැහැදිළි වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් උපුල් රෝහණ පැවසුවේ දැන් හෝ සියලූ පාර්ශව කොරෝනා පාලනයට සැබෑ කැපවීමක් පෙන්නුම් කිරීම අත්‍යවශ්‍ය බවය