ලෝකයේ බලගතු රටවල්වලට වඩා කොවිඩ් නයින්ටීන් වෛරස් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති බවත් පවතින තත්ත්වය හමුවේ දෛනිකව රෝගීන් 500 දෙනෙකු වාර්තා වුව ද ලෝකයේ අනෙක් රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය වී ඇති බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පවසන්නේ මෙරට රෝහල් පද්ධතිය තුළ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට ඇති පහසුකම් අනුව විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම යම්තාක් දුරට සීමා කිරීමට සිදුවු බව එහිදී යුද හමුදාපතිවරයා පැවසීය.
දෛනිකව වාර්තා වන වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. ඒ අනුව ඊයේ (09) දිනයේ දී ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 535ක් ද මහනුවරින් 111ක් ද දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. මේ වන වට මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ.