ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇත.
පළමු වරට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු විය.
තමන්ට කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වී ඇති බවට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කර ඇත.
තමන් සමඟ මීට දින 10 කට පෙර සමීපව ඇසුරු කළ පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව නිරෝධායනය වන ලෙසද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයෙන් ඉල්ලීමක් කර තිබේ.