වසර 14කට පසු දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් තරග 2ක් සහ විස්සයි විස්ස තරග 3ක් සඳහා පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ සඳහා ක්වින්ටන් ඩීකොක්ගේ නායකත්වයෙන් යුත් 21 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය පසුගිය (08) නිවේදනය කර තිබු අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම වසර 14කට පසු පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ජනවාරි මස 26 වැනිදා කරච්චි ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ පෙබරවාරි 11 වැනිදාය
ඒ සඳහා 21 දෙනෙකුන් සමන්විත දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය ද ඊයේ නම් කළ අතර ඊට වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා, නවක ක්‍රීඩකයින් වන ඩැරින් ඩුපාවිලන් සහ ඔට්නියෙල් බර්ට්මන් ඇතුළත්ය.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම එළඹෙන සිකුරාදා විශේෂිත ගුවන් යානයකින් පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර ඔවුන් කරච්චි හිදී නිරෝධානයට යොමු වීමෙන් පසු පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.