ලෝකයේම කොවිඩ් ආසාදිතයින් කෝටි 9 ඉක්මවයි

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද (10) කෝටි 9 ඉක්මවා යමින් ආසාදිතයින් 90,077,450ක් සහ ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,934,813කි.

ලොව වැඩිම කොවිඩ් බලපෑමට ලක්ව ඇති අමෙරිකාවේ වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් තිබේ. මේ වන විට සතිපතා වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බව එරට වාර්තා පවසයි.

නිවාඩු සමයේ ජනතාවගේ හැසිරීම් රටාව මේ තත්ත්වයට හේතුවී ඇති බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස වන අතර අමෙරිකාවෙන් ගෙවුණු පැය 24 දීත් ආසාදිතයින් 249,519ක පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,235කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.