ජනවාරි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා PCR පරීක්ෂණවලින් අනතුරුව කොළඹ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.
ETI ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය පසුගිය සිකුරාදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන් ඊයේ (09) දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රුවන් නෙලුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
ETI ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ රුපියල් බිලියන 13කට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මීට පෙර ද මෙම අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ස්වර්ණමහල් ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීය.