නිදහස හා සමානාත්මතාවයේ අභිවෘද්ධිය උදෙසා උත්සාහ කරන ප්රජාතන්ත්රවාදී රටවල් මෙන් නොව, චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තම පුරවැසියන්ට අනෙක් ජාතීන්ට සමාන නිදහසක් ලබා දීමට ඉඩ නොදෙන බව Zee News වාර්තා කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) එහි තත්වය පිළිබඳව දැනුවත්ව සිටින අතර මෙමඟින් එහි බලයෙහි ඒකාධිකාරය ආරක්ෂා කිරීමට ඔවුන් උත්සහ කරන බවත් චීන පුරවැසියන්ට ඕනෑම ආකාරයක නිදහසක් ලබා දීමෙන් එම බලය පිළිබඳ ඒකාධිකාරයට තර්ජනයක් වනු ඇතැයි විශ්වාස කරන බවත් සඳහන් වෙයි.
පසුගිය වසර පුරා චීනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පසුබෑමකට ලක්ව .තිබෙන අතර අවසානයේ දී ජාත්‍යන්තරය චීනයේ අභිලාෂකාමී සැලසුම් සහ ලෝක පිළිවෙලෙහි ප්‍රමුඛත්වය ලබා ගැනීම සඳහා යොදා ගන්නා වංචනික ක්‍රමය පිළිබඳව දැනුවත්ව තිබේ.
ජාත්‍යන්තර පසුබෑම සම්බන්ධයෙන් චීනයට කළ හැකි එකම දෙය නම් මේ පිළිබඳ ප්‍රචාරය වන සිඳුවීම් සහ පුවත් වෙනස් කිරීමට හෝ ඒවාට දොස් පැවරීමට උත්සාහ කිරීමයි, දේශීය විවේචන මැඩපැවැත්වීමේදී චීනයට ඊට වඩා දුෂ්ට විකල්ප ඇත.
ෆ්‍රීඩම් හවුස් හි චීනය පිළිබඳ පර්යේෂණ අධ්‍යක්ෂිකා සාරා කුක් මෑතකදී 2021 දී චීනයට අන්තර්ජාල නිදහස අඩාල කළ හැකි ආකාරය පිළිබඳ ඔවුන්ගේ අනාවැකි පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන පරිදි 2020 දෙසැම්බර් 15 වන දින ප්‍රකාශයට පත් කරන ලද 2020 ෆ්‍රීඩම් ඔෆ් ද නෙට් වාර්තාවේ සඳහන් වන්නේ COVID-19 වසංගතය අතරතුර චීන රජය අහිතකර තොරතුරු පාලනය කිරීම සඳහා අතිශය ආක්‍රමණශීලී ප්‍රවේශයක් ගෙන ඇති බවයි.
එමඟින් අඛණ්ඩව හයවන වරටත් චීනය ලෝකයේ දරුණුතම අන්තර්ජාල නිදහස අනිසි ලෙස භාවිතා කළ රාජ්‍යය ලෙස සඳහන් කර තිබේ. COVID-19 වසංගතයට හා හොංකොං හි දිගින් දිගටම පවතින ප්රජාතන්ත්රවාදී ගැති විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් චීනය වාරණය සහ නිරීක්ෂණය පෙර නොවූ විරූ මට්ටමකට යොමුකර ඇති බව ද එහි සඳහන් වෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අව තාක්ෂණික මෙවලම් හා අධි තාක්ෂණික මෙවලම් භාවිතයෙන් වසංගතය කළමනාකරණය කිරීම පමණක් නොව, අන්තර්ජාල භාවිතා කරන්නන් නිල නොවන ප්‍රභවයන්ගෙන් තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වලක්වා ගැනීම සඳහා එය නිදහසට කරුණක් ලෙස භාවිතා කළ බව එහි වැඩිදුරටත් වාර්තා කර තිබේ.