එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වන නාලක එදිරිසිංහ අසංක එදිරිසිංහ දිපා එදිරිසිංහ සහ ජීවක එදිරිසිංහ යන සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔවුන් අද (09) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය නියෝග කොට ඇත්තේ ඔවුන් ජනවාරි 12 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසය.
මීට දින තුනකට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරින ලද සැකකරුවන් ඊයේ (සිකුරාදා) නීතිපති දප්දපුල ද ලිවේරාගේ උපදෙස් මත අපරාධපරික්ෂණ දේපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගනු ලැබීය.