කෑගල්ලේ ධම්මිකගේ පැණිය 2500 ගානේ විකුණයි ?

ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධීය පැණිය හොර රහසේ රුපියල් 2500 ක මුදලකට අලෙවි කරන බව වාර්තා වෙයි.

කෑගල්ලේ සිටින අප වාර්තාකරු පවසන්නේ දිනකට කාලේ පැණි බෝතල් දහසක් පමණ අලෙවි කරන බවයි.
පසුගිය දින කිහිපය පුරාම බොහෝ පිරිසක් මෙම ඖෂධීය පැණිය ලබා ගැනීමට පැමිණ තිබුණි.

සායනික පරීක්ෂණ අවසන් වන තුරු මෙම පැණිය මහජනතාවට ලබා නොදෙන ලෙසට ආයුර්වේද දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබියදී ධම්මික බණ්ඩාර මහතා මෙලෙස අලෙවිකරණයේ නිරත වන බවයි පැවසෙන්නේ.

පසුගියදා දෙසැම්බර් 30 වනදා රජරට විශ්වවිද්‍යාලයේ ආචාරධර්ම කමිටුව විසින් මෙම ඖෂධ පැණිය සායනික මට්ටමින් පරීක්ෂණයට යොමුකිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති පසුබිමක ධම්මික මහතා මෙලෙස හොර රහසේ පැණිය නිෂ්පාදනය කර අලෙවි කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.