ඉන්දික ශ්‍රී අරවින්ද
උපුල් ශාන්ත සන්නස්ගල විසින් නවතම රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ඔහුගේ සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටියි.
එහි ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර පර්යේෂණ විකාශය කටයුතු ළඟදීම ආරම්භ කෙරන බව සඳහන් කර ඇත. එම රූපවාහිනී නාලිකාවේ විකාශන කටයුතු ලබන මාර්තු 2 දා ආරම්භ කරන අතර දිනය වෙන් කරවා ගන්නා ලෙස තම පරිශීලකයින්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
මෙම නව TV නාලිකාව සම්බන්ධයෙන් වැඩිදුරටත් සටහනක් තබමින් උපුල් ශාන්ත සන්නස්ගලයින් මෙසේද පවසා ඇත.
එය යටත්වැසියන් පුරවැසියන් බවට නඟා සිටුවන වැනලයකි,මිත්‍යාමය අවිද්‍යාවට එරෙහි චැනලයකි,කොස්සක් ඉදලක් ලොන්ඩරියක් නො වන චැනලයකි,ස්වේච්ඡා මිනිසුන් සමූහයක චැනලයකි,පුරවැසියන්ගේ දෘෂ්ටිවාදීමය සංකල්ප දියුණු කිරීම ලාභය ලෙස සලකන චැනයකි චැනලයේ එක ම සහ පරම හිමිකරුවා මම ය.
ඉහත කරුණු පස්පංගුවට ශ්‍රමදානමය,උපකරණමය,තාක්ෂණිකමය,
උපුල් ශාන්ත සන්නස්ගල 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණය නියෝජනය කරමින් තරඟ කල අතර එයින් පරාජයට පත් විය.
එම අවස්ථාවේදී උපුල් සන්නස්ගලයන්ට එරෙහිව විභාග ප්‍රශ්න පත්‍ර වංචා කිරීම් සම්බන්ධව චෝදනා රැසක් කරළිය පැමිණ තිබුණි. ඒ කිසිවක් චෝදනා මිසක් සනාථ කර ගැනීමට තරම් සාධක නොතිබුණි.