whatsApp සමාගමෙන් නව කොන්දේසි

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත සන්නිවේදන යෙදුමක් වන whatsApp සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට whatsApp සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මේ අනුව පෙබරවාරි 8 දා සිට whatsApp යෙදුම භාවිතා කිරීමට නම් පරිශීලකයන් වට්සැප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමග එකඟ වියයුතු බව එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් නිවේදනයක් මගින් පෙන්වා දෙයි.

එය සමග එකඟ වීමට අකමැති පරිශීලකයන් හට පෙබරවාරි 8 දා සිට whatsApp සමාජ මාධ්‍ය යෙදුම භාවිතා කිරීමේ අවස්තාව ගිලිහි යනු ඇති බව එම සංගමය ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කරමින් කියා සිටියි.

whatsApp යෙදුමෙහි නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව මගින් පරිශීලකයන් whatsApp යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය සදහා ෆේස්බුක් සමාගමට ඉඩප්‍රස්තාව සහ එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීමට සදහා ඉඩලැබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ  සංගමය ශ්‍රී ලාංකික ජනතාව වෙත දැනුම් දෙන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.