පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේශයේ දී බස්රථයක් ඇළකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 30කට ආසන්න සංඛ්‍යාවකට තුවාල සිදුවි රෝහල් ගත කර ඇත.
බස්රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අද (09) උදෑසන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් රැගත් බස්රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධිත ඇළකට පෙරළී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.
අනතුරෙන් තුවාල ලැබු පිරිස පොළොන්නරුව සහ පුලස්තිපුර රෝහල් වෙත ඇතුළත් කර තිබේ.අනතුර සම්බන්ධයෙන් පුලස්තිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.