දඩ මුදල් ගෙවීමට නොහැකි සියලු සිරකරුවන්ට නිදහස

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

අද (09) දිනයේ සිට එම සිරකරුවන් මුදාහැරීමේ කටයුතු සිදුකෙරෙන අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව බන්ධනාගාරවලින් මුදාහැරීමට කටයුතු කරයි.

කොවිඩ්  ආසාදිතයින් නොවන බවට තහවුරු වීමෙන් පසුව සිරකරුවන් නිදහස් කෙරෙන අතර ඒ පිළිබඳව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් සහ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව පබන්ධානගාර දෙපාර්තමේන්තුව  පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.