ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරවම අත්හිටුවයි

ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමේ හේතුව මත පදනම්වඅමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරවම අතිහිටවූ බව ට්විටර් සමාගම නිවේදනය කර තිබේ.

ජනපතිවරයා මෑත කාලීන ට්විටර්හී පළ කළ පණිවුඩ සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිය.

ජනාධිපතිවරයාගේ සන්නද්ධ ආධාරකරුවන්, කැපිටල් හිල් වැටලීමත් සමග මීට පෙර පැය 12 ක කාලයක් සඳහා ජනාධිපතිවරායාගේ ට්විටර් ගිණුම අත්හිටවිය.

එහිදී එම සමාගම ප්‍රකාශ කළේ, යළිත් වරක් ප්‍රචණ්ඩත්වය ඇවිළුවහොත්, ස්ථිරවම ගිණුම අත්හිටුවන බවයි.

ට්විටර් තහනම ඉවත් වීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා පණිවුඩයක් නිකුත් කරමින් කැපිටල් හිල් ප්‍රහාරය හෙළා දැක්කේ ය.

කෙසේ වෙතත් එහිදී ඔහු සිය ආධාරකරුවන්, දේශප්‍රේමීන් ලෙස හැඳින්වීම මෙම තහනමට හේතු විය.

රහස්පතින්දා හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ට්‍රම්ප් මහතාගේ “බිහිසුණු හැසිරීම” සක්‍රීය කිරීම නතර කර ඔහුව ස්ථිරවම නෙරපා හැරිය යුතු බවයි.

 

.

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.