යාපනය විශ්ව විද්‍යාලයේ යුද ස්මාරකයක් බලධාරීන් විසින් විනාශ කිරීමත් සමඟ ඊයේ (8) යාපනයේ දැඩි නෙසන්සුන්තාවයක් ඇති විය.
යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රය තුළ පිහිටි මුල්ලි වයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදාකිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.
යුද ස්මාරකය මුළුමනින්ම විනාශ වී ඇති බැවින් යාපනය විශ්ව විද්‍යාලයේ ගේට්ටු වසා දමා ඇති බවත්, ගේට්ටු අසල පොලිසිය යොදවා ඇති බවත් වාර්තා වෙයි.
සිසුන් කිහිප දෙනෙකු ට්ටුවෙන් පිටත රැස්ව සිටි අය අතර යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවාන්නන් ද ඒ අතර විය.
උසස් පොලිස් නිලධාරියෙකු නගරාධිපතිවරයාට ඇතුළු පිරිසට ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස නියෝග කර තිබුනද ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇත.යුද්ධය නිමා වී දස වසරක් ගතවීම නිමිත්තෙන් මෙම ස්මාරකය විශ්වවිද්‍යාල සිසුන් විසින් ඉදිකර තිබුණි.