අහිම්සා වික්‍රමතුංගගෙන් එ.ජා.මා .හිමිකම් කමිටුවට පැමිණිල්ලක්

මීට වසර 12 කට පෙර තම පියාගේ මරණයට රජය සම්බන්ධ බවට චෝදනා කරමින්  ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා මාධ්‍යවේදියෙකුගේ දියණියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිල්ලක් ගොනු කළ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි.

2009 ජනවාරි 8 වන දින රාජකාරියට  යමින් සිටියදී ආයුධ සන්නද්ද කල්ලියක් විසින් ඝාතනය කරන ලදැයි කියනු ලබන ලසන්ත වික්‍රමතුංගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග වෙනුවෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ හි යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය ට  පැමිණිල්ල ගොනු කරන ලදී.

දැනට අක්‍රියව ඇති සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ වික්‍රමතුංගේ එවකට ප්‍රබල ආරක්ෂක නිලධාරියෙකු වූ වත්මන් ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතාගේ  දැඩි විවේචකයෙකි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  වැඩිමහල් සහෝදරයා, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපති විය.

ලසන්ත වික්‍රමතුංගගේ  ඝාතනය සිදු වුයේ  රටේ සිවිල් යුද්ධය අතරතුරදීය. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ එක්සත් ජනපද කාර්යාලය විසින් 2015 දී කරන ලද පරීක්ෂණයකදී එය කැපී පෙනුණි.

ප්‍රහාරක  ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ දූෂණ වංචාවකට සම්බන්ධ බවට ලිපියක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද අපහාස නඩුවක සාක්ෂි දීමට දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංග  ඝාතනයට ලක්ව ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි.එවකට යුද්ධයේ අවසන් කාලය වු අතර රජයේ හමුදා සහ පරාජිත එල් ටි ටි ඊ සාමාජිකයින්ට බරපතල මානව හිමිකම් උල්ලංඝ නය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොලම්බගේ මහතා කියා සිටියේ තමා පැමිණිල්ල දැක නැති බවත්, එහි සංවේදී ස්වභාවය අනුව දේශපාලන නායකත්වයේ මතය නිශ්චය කර නොගෙන අදහස් දැක්වීමට නොහැකි බවත්ය.‍

ලසන්ත වික්‍රමතුංග  ඝාතනය කළ දිනයේදී වික්‍රමතුංගේ වාහනය පසුපස යතුරුපැදිවල නැගි පිරිස  ගිය අතර, ඔහු කාර්යබහුල මංසන්ධියක සිය රථය නතර   කල අවස්ථාවේදි  ඔවුහු ඔහුගේ මෝටර් රථයේ ජනේලය කුඩු කර ඔහුගේ හිසට තියුණු ආයුධයකින් පහර දුන්හ.

පැමිණිල්ලේ සඳහන් වන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශ්වාසදායක පරීක්ෂණයක් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

මහින්ද රාජපක්ෂ මහතා 2015 දී පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව නව පරීක්ෂණයක් ආරම්භ කළ නමුත් නව ආණ්ඩුවේ දේශපාලන ගැටුම් හේතුවෙන් නඩුව අවසන් කිරිමට නොහැකි විය.ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ දා සිට මේ දක්වා පරීක්ෂණයේ කිසිදු ප්‍රගතියක් නොමැති බවද සඳහන් වෙයි.ඝාතනයට  සම්බන්ධ බවට චෝදනා කරමින් ගෝඨාභය  රාජපක්ෂමහතාගෙන් වන්දි ඉල්ලා 2019 දී අහිම්සා  වික්‍රමතුංගේ ලොස් ඇන්ජලීස් උසාවියේ නඩුවක් ගොනු කළේය. රාජපක්ෂට විදේශීය නිල ප්‍රතිශක්තිය හිමි බැවින් එයට අධිකරණ බලයක් නොමැති බව පවසමින් අධිකරණය එම නඩුව නිෂ්ප්‍රභ  කළේය.

ශ්‍රී ලංකාව මේ සම්බන්ධව  ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම, වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීම සහ වික්‍රමතුංගේ පවුලට සමාව අයැදීම සහ වන්දි ගෙවීමට කටයුතු කළ යුතු බවට  මානව හිමිකම් කමිටුව විසින් සහතික කරන ලෙස පැමිණිල්ලේ සඳහන් වේ.

මානව හිමිකම් කමිටුව යනු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන ස්වාධීන විශේෂඥයින් පිරිසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.