ගව වෛරස් රෝගය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය රංජනී හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් වෛද්‍ය නිරෝෂන් ගමගේ, සත්ත්ව වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු යන නිලධාරින් මෙන්ම නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් අධ්යක්ෂවරුන් පත්කර තිබේ.
රෝගයේ ව්‍යාප්තිය, එය පාලනය කිරීම සඳහා ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම නැවත රෝගය වැළඳීම නතර කිරීම සඳහා පළාත් මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ හා ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඇතුළත් වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ කමිටුව වෙත දැනුම් දී ඇති බව අමාත්‍යංශය සඳහන් කරයි.
.