එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ව යළි අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් අවභාවිතය, වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය හා වෙනත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය .
ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (8) දහවල් නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.
ඒ් අනුව ඔවුන් මෙලෙස යළි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.