මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 නා මියගොස් ඇත්තේ එහිදී සිදුවූ වෙඩි ප්රහාරවලින් බවට පශ්චාත් මරණ පරීක්ෂණ වලින් හෙළිවි ඇත.
මෙම ගැටුම සම්බන්ධයෙන් වන නඩුව අද (8) වත්තල මහෙස්ත්රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවේයත
එහිදී අධිකරණය විසින් පත්කළ විද්වත් කමිටුව අධිකරණයට කරුණු වාර්තාකර තිබුණේ එම ගැටුමේදී මියගිය රැඳවියන් 11 දෙනා එදින සිදුවූ වෙඩි තැබීම්වලින් ඇති වූ මාරාන්තික තුවාල හේතුවෙන් මියගොස් ඇති බවය.