පෝර්ට් සිටියේ රජයට හිමි හෙක්ටයාර් 64ක් චීනය ඉල්ලයි  

ඉන්දික ශ්‍රී අරවින්ද

රටේ ජාතික සම්පත් එක් එක් රාජ්‍යන් වෙත පවරා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එමගින් රට තවදුරටත් ණය උගුලකට හිර කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති “For Sale” නමින් රට පුරා පැවැත්වෙන සංවාදශීලි සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

වාණිජ්‍යය වටිනාකමින් යුත් කොළඹ නගරයේ විශාල ඉඩම් ප්‍රමාණයක් චීනය ඇතුළු බහු ජාතික සමාගම් වෙත විකිණීමට රජය කටයුතු කරමින් සිටිනවා.

මෙලෙස වාණිජ්‍ය ඉඩම් කුමන්ත්‍රණකාරී ලෙස පවරා ගැනීම සඳහා චීනය අපේ රට ණය උගුලක හිරකර ඇති බව දිසානායක මහතා පෙන්වා දෙයි.

ඒ අතර පෝර්ට් සිටිහි ගොඩකරන ලද ඉඩමේ රජයට හිමි හෙක්ටයාර් 64ක්,වැලිකඩ බන්ධනාගාර අක්කර 46ක්,පෑලියගොඩ ඉඩම් අක්කර 16ක්,බොරැල්ල සුපිරි වෙළඳ සංකීර්ණය,පිටකොටුව පරණ මැනිං වෙළඳ පොළ,කොටුව ගෆුර් ගොඩනැගිල්ල,GOH හෝටලය,නිදහස් චතුරශ්‍රයේ,18 ක්ලබ්,බෞද්ධාලෝක මාවතේ ඔටස් ක්ලබ්,ගුවන් හමුදා ක්‍රීඩාංගනය,කොළඹ විශ්ව විද්‍යාලිය කාන්තා නේවාසිකාගාරය,මැරීන් ඩ්‍රයිව්හි පාරේ අක්කර 4ක්, ඇතුළු මෙරට ඉඩම් විශාල ප්‍රමාණයක් මෙලෙස චීනය සහ එයට අනුබද්ධ බහුජාතික සමාගම් වෙත පැවරීමට රජය කටයුතු කරමින් සිටින බව දිසානායක මහතා පවසයි.

අපගේ ජාතික උරුමයන් ආරක්ෂා කර ගැනීම සඳහා දැවැන්ත විරෝධතාවයන් කොළඹදී ලබන 12 වැනිදා සිට ආරම්භ කරන බවත් නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.